Sunday, February 17, 2008

පැල් රුකීමේ සිට බංකර් රුකීම දක්වා තනිව ආ ගමන් මඟ මින් ඉදිරියට. . . .
පදවිය හා තන්තිරිමලය මායිම ගම්මානවල විවිධ පුද්ග්ලයින්ගේ ජීව්ත අත්දැකීම් පිළිබද කෙටි පිළිසඳරක්

මායිම ගම්මාන ආශ්‍රිත වෙසෙන පුද්ගලයින් හා නගර ආශ්‍රිත පුද්ගලයින් අතර ජීවිත වල තිබෙන්නේ සුළුපටු වෙනසක් නොවේ. දවස පුරාම ඇසෙන දකින වෙඩි හුමාරුව සමඟ ජීවත්වෙන්නේ වෙනදෙයක් උනාවේ යන සැහැල්ලුවකින්. නමුත් එක් බෝම්බ පිපිරීමකින් නගර ආශ්‍රිත ජනයා බියපත්වේ. තව ටික කලක් යනවිට ඔවුනටත් වෙන දෙයක් උනාවේ යන හැඟීම ඇතිවනු ඇත්ද?

මහසෙන් පුර දලුග්ගල වැසියන් මීට වසර 5කට පෙර සිටියේ ගම් අතහැර යන අදහසිනුයි.ඒත් දැන් ඔවුන් පවසන්නේ යුද්ධයට අපි දැන් පුරුදුවෙලා. යුද්‍ධය ජීවිතයේම කොටසක් වෙලා. ගම් ආරක්ෂා කරගන්න දැන් සිවිල් ආරක්ෂකයින්ගේ සේවය තියෙනවා.ගෙදරට ආදායමකුත් ලැබෙනවා. මේක තමා අපේ ජීවිතේ.
යුද්ධෙට විසඳුමක් නෑ තියෙන එකම විසඳුම ආරක්ෂක සේවයට බැ‍ඳෙන එකයි.

මොවුන් වැඩිපුරම කතාකරන අවශ්‍යතාවය වතුර නැති එකයි. වතුර තියෙනවනම් ගොවිතැන් කරගන්න පුළුවන්.බොන්න වතුර නැති තරමට අද හෙට පායනවා. වගාවන් පාළුවෙනවා. වතුර ප්‍රශ්නය නිසා බොහෝ දෙනාගේ වකුගඩු ආබාධ ඇතිවෙලා තියෙනවා.
ගෙදරට උවමනා එළවළු ටික හදාගන්න පුළුවන් නම් ඒකත් ඇති. අපිට මීට වඩා ජීවිතයක් ගැන හිතන්න බැහැ.අපේ ගම් දැන් තනිවෙලා අවුරුදු ගානක්ම අපි තනියම ජිවත්වෙනවා. උදේ දවල් රූ ගෙවිලා යන්නෙ එකවගේ පාරවල් වහනවා. ආයෙ අරිනවා වෙඩි ති‍යනවා බෝමිබ පිපිරෙනවා හැම තැනම යුද්ධෙට සූදානමින් ඉන්නවා.

අපි ඉස්සර හේන් ගොවිතැන් කළා. දවල්ට බත් අරගෙන හේනට ගියා. රෑට බත් අරගෙන රූ පැල් රුක්කා. කවි පද කිව්වා. උදලු අතේ තිබුනා. අද අපිට හේන් ගොවිතැන කරන්න බැහැ. හේන් වලට කැලේ කොටන්න බැහැ. ඒ වෙනුවට අපි අද බංකර් හදනවා කැලේ එළිකරනවා. පැල් රකිනවා වෙනුවට පාරවල්වල බංකර් රකිනවා. උදැල්ල වෙනුවට ආයුධයක් තියෙන්වා. සරම බැනියම වෙනුවට යුනිපෝම් එක.හවස් වෙද්දි බත් එකක් බැඳගෙන පාරෙ බංකරයට යනවා උදේ එළිවෙලා ගෙදර එනවා. දවල්ට ගොවිතැන් කරන්න අමාරුයි නිදිමතයි. පැල් රකිද්දි වගේ නෙවෙයි. මාසෙ පඩියක් ලැබෙන නිසා අපිට ගොවිතැන්වලින් නැති ආදායමක් ආරක්ෂක සේවයෙන් ලැබෙනවා.
වතුර තියෙනවා නම් අපිට ලොකු දෙයක්. ඒක තමා තියෙන ලොකුම ප්‍රශ්ණෙ.

ඉස්කොලෙ ඉගැන්වීමත් සෞඛ්‍යය කටයුතුත් දැන් කරගන්නෙ ගමේම ජීවත්වන ඉගෙන ගත්ත අයමයි. කලාතුරකින් සතියකට වරක් දෙකක් ඇවිත් යන විශේෂ නිළධාරි කෙනෙක් ඇරුනම අපේ ගම්වල පොදු සේවය කරගන්න වෙන්නෙත් අපිටමයි. පිටින් කවුරැත් ඇවිත් අපේ ගම්වල ඉදලා වැඩ කරන්න කැමති නෑ. අලුත් වැඩසටහන් ව්‍යාපෘති අපේ ගම්වල ඇවිත් දිගින් දිගටම කරන්න ආයතන සංවිධාන කැමති නෑ. දවසින් දවස තත්ත්වය වෙනස් වෙන නිසා ස්ථීර වැඩක් කරගෙන යන්න අමාරැයි.

අලුත් දේවල් තාක්ෂණය ගමට ආවත් ඒවායේ එන නඩත්තු වැඩ කරගන්න බැරිව අතරමඟ ඇනහිටිනවා. මෑතකදී මහසෙන්පුර පහේ කනුව ඊයාය විදුහලට ලැබුනා සූර්ය තාපයෙන් වැඩකරනා වතුර පොම්පයක් සහ ජල සැපයම් පද්ධතියක්. ටික දවසකින් පොම්පය ක්‍රියා විරහිත උනා.දැනුම් දුන්නත් මාස 2ක් වෙනවා හදන්න ආවෙ නැහැ.තව ටික දවසකින් කවුරැ හරි උපකරන කඩලා දමයි.
පාසල්වල ළමයින්ගේ අධ්‍යාපනයත් හරිම දුර්වලයි. ඒකට එක හේතුවක් ළමුන්ගේ ධාරණ ශක්තිය අඩුකම. පෝෂණ තත්ත්වය මෙයට ඍජුවම බලපානවා. හොඳ ආහාර පෝෂ්‍යදායක ආහාර ගැනීම හරිම අඩුය.වී ගොවිතැන ගැන මහා පරිමාන වගාවන් ගැන හිතනවා එකවර මුදලක් ගන්න පුලුවන් කියලා. හිතන තරම් ලාබයක් නැහැ. අඩුතරමේ